Saturday, October 7, 2017

රතු චිත්‍රපටිය.... නිල් චිත්‍රපටියක්ද?

රතු චිත්‍රපටිය නිල් චිත්‍රපටියක්ද  ?


පසුගිය දිනක ලාංකීය චිත්‍රපටයක් වන රතු සපත්තු නැරඔුවෙමි. චිත්‍රපටයක් නරඔා අවසන බොහෝ දෙනාගේ මුවින් කියවෙන
මම කැමතියි... මම කැමති නෑ....
කියන තැනින් එලියට පැමිණ
ඇයි මම/ ඔබ නොකැමැති? ඇයි මම /ඔබ කැමති?
 යන්න අප කතාකළ යුතු බව මම පෞද්ගලිකව විශ්වාස කරමි. මන්ද හුදෙක් ඔබේ කැමැත්ත හෝ නොකැමැත්ත යනු මට කිසිවක් නොවේ....
 නමුත්
ඔබ කැමති වන්නේ මන්ද? ඔබ නොකැමති වන්නේ මන්ද?
යන්න ඔබ සමග තියන ගණුදෙනුවේදී මට බලපාන සියල්ලය.

රතු සපත්තුවට මම කැමති වන්නේද?  නොවන්නේද?
ඇයි මම කැමති වන්නේ? ඇයි මම අකමැති වන්නේ?

සදාකාලික සංස්කෘතික වලවල් ගොඩ කරමින් එළියට පැමිණ මිහි මත ඇවිදීමට පටන් ගැනීම වෙනුවෙන් මෙන්ම, එම වලවල් තව තවත් හාරමින් ගොඩ ඒමට වලිකන මිනිසුන් පවා පස් ගොඩවල් සමග වල තුලම මිහිදන් කිරවීම වෙනුවෙන්ද රටක කලාකරුවන් සිදුකරන අරගලය සුලු පටු නොවේ.
ඔවු.... 
එම දෙයාකාරයේම ක්‍රියාවන් අප වැනි රටවල අරගලයන් ලෙස සැලකිය හැකිය. 
නිර්මාණකරනයේ යෙදෙමින් සිටින ඒ දෙවර්ගයේම දැවැන්ත නිර්මාණ කරුවන්, කාරියන් පවා පැවතීමේ සහ නිර්මාණකරණයේ යෙදීම අභියෝගයක් බවට කරන ප්‍රකාශ එයට ශාක්ෂි දරයි.

කාර්, ගෙවල්, වාහන, ආමාශය පුරවා ගැනීම, දිවේ රස අංකුර පිනවීම ආදී බොහෝ කටයුතු සහ ශරීරයේ ඉතාම පෟද්ගලික දේ ලෙස සගවාගැනීමට පොදුවේ අසාර්ථක උත්සාහ දරන අවයවයන් පිනවීම වෙනුවෙන් නිර්මාණ භාවිතා කිරීම ලොව පුරා බහුලවම සිදු වේ.

 ඒ අතර ඉද හිට කාර් ගෙවල් විකුණමින්, ආමාශයේ හිස් බව දරා ගනිමින්, දිවේ රස අංකුර මරා දමමින් ආදී බොහෝ කටයුතු සහ ශරීරයේ ඉතාම පෟද්ගලික දේ ලෙස සගවාගැනීමට පොදුවේ උත්සාහ දරන අවයවයන් නිර්මාණ සදහා භාවිතා කරනු ලබන අවස්ථා ලංකාවේ දුර්ලභය.

එමෙන්ම සමස්ත ස්ත්‍රී- පුරුෂ මානව කකුල් එකම සපත්කතුවකට දැමීමට වලිකන අපට ඒ සපත්තුව කකුල් වලට සැබවින්ම බොහෝ තද හො ලිහිල්, දූවිලි මෙන්ම අසූචිද තැවරුණ, පරණ හම්පඩ ගැහුන, රොඩු බොඩු, ජරා ගොඩවල් පැටලී අප්‍රසන්න තත්වයේ තිබෙන, එමෙන්ම අතරින් පතර දිරායාම්ද සහිත කඩමාලු සපත්තුවක් වී තිබෙන බව කෙනෙක් පෙන්වයි නම් අපි ඔහුට හෝ ඇයට බිය වෙමු. 

මන්ද අප මේ දැන් සෝදා පිරිසිදු කරගත් ගැහැණිය සහ මිනිසාගේ කකුල් දැමීමට අපට පිරිසිදු, හයිය, අලුත් සපත්තුවක් අවශ්‍ය වූ බැවිණි. ඒ බිය මගින් අප තුල ඇති කරන ප්‍රතික්‍රියාවන් ඇඩියාවක සිට තර්ජනයන් දක්වා පරාසයකට විහිදේ.

රතු සපත්තු ඒ ඇඩියාවේ කකුලටත්, තර්ජනයේ කකුලටත් එකසේ ගැලපෙන සපත්තුවක් ලෙස මම දකිමි. මේ රතු සපත්තුවට මම කැමති වන්නේ එබැවිනි.