සම්මාණ හිමි වීම නොවීම පසෙකලා අපි සිනමා නිර්මාණ ගැන කතා කරමුද?
පහුගිය දිනේ සම්මාණ හමුබවුන ඇගේ ඇස අග සහ ෆ්‍රැන්ජිපානි සිනමා නිර්මාණ දෙක ගැන විවිධ කතා, චෝදනා, යොජනා ඉදිරිපත් වෙනු දුටිම්. සම්මාණ පසෙක දමා මේ නිර්මාණ දෙක ගැන කතා කිරීමට මට විශේෂ කරුණක් තිබේ.
සමකාමීත්වය ලංකාවේ අපරාධ වරදකි. එය අපරාධ වරදක් ලෙස නීතියෙන් තවමත් හදුනිවා දෙන රටවල් ලෙස තවමත් ඉතිරිව ඇත්තේ ලංකාව සහ තවත් කුඩා රටක් පමණි.
එබැවින් විසාකේශ මේ සිනමා නිර්මාණය කිරීමම මට අනුව නම් කලාකරුවෙකු තම පොළොවේ මනුශ්‍යත්වය වෙනුවෙන් ගැසූ දැවැන්ත නිර්මාණාත්මක කැරුල්ලකි.
නමුත් ඇගේ ඇස අග?
සිංහල බෞද්ධ සමාජයට ගැහැණිය බඩුවක් වෙන අතර අම්මා බුදු වන උතුම් කාන්තාවකි.
එනිසයි මාතෘත්වය ප්‍රත්ක්ෂේප කරමින් දරුවන් මහමග දමා යන ගැහැණුන් මේ තරම් අපේ සමාජය භීතියට ලක් කරන්නේ.. ගැහැණියගේ ඝර්භාෂයික අයිතිය මේ තරම් සමාජය කළඹණ මහා ප්‍රවෘත්තියක් බවට පත් වන්නේ....
ඇගේ ඇස අග මගින් නැවත සමාජගත කරන්නේ ඒ සිංහල බෞද්ධ ගෝත්‍රික ස්ත්‍රී පීඩක භූමිකාවම වීම ඇත්තටම කණගාටුවට කරුණකි.
අනිත් අතට රංගන ශිල්පිණියක ලෙස ස්වර්ණා සුද්දිලාගේ කතාවෙන් පිරිමි සමාජයෙන් ඉල්ලීමට ඉදිරිපත් වන ගේම, ඇගේ ඇස අග තුලදී නිර්දය ලෙස පාවාදෙයි.
එමගින් හෙලි කරණු ලබන්නේ ලාංකීය ස්ත්‍රිය ශිෂ්ටාචාරය පුරා සවිඥානිකව හො අවිඥානිකව පවත්වා ගන්නා අරබුදයම මිස වෙන කුමක්ද?
No comments:
Post a Comment